නව අධ්‍යක්ෂකවරිය වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී (17) සිදුවිය. එහිදී අදහස් දක්වමින් පළාත් ආණඩුකාරවරයා සදහන් කර සිටියේ ඉතා ඉහල සංස්කෘතික වටිනාකමක් සහිත මධ්‍යම පළාතේ වගකීම් ඉහල තනතුරක් වන සංස්කෘතික අධ්‍යක්ෂක තනතුරේ කටයුතු මනා අවබෝධයකින් යුතුව වටහාගනිමින් නව අධ්‍යක්ෂකවරිය කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කර සිටින බවය.
පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් සංස්කෘතික අධ්යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්විය.