දෙසැම්බර් මස තුන්වන දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධිත දින සැමරුමට සමගාමීව සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම ඊයේ (04)කෑගල්ල නගර සභා ශාලාවේ දී සාර්ථකව නිමාවට පත්විය.
පැමිණ සිටි සියලු දෙනාම පිළිගැනීම අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ ජී එස් නිශාන්ත මහතා විසින් සිදු කළ අතර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය සහ දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ මහතා දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම වෙනුවෙන් සුබපැතුම් එකතු කිරීමට එක්ව සිටියහ.
මෙවර සැමරුමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහම ආවරණය වන පරිදි අධ්‍යාපනික කඩයිම් ජයග්‍රහණය කළ සමතුත් ඇගයීමට ලක් කෙරිණි.ඒ අතරට වෛද්‍ය, ඉංජිනේරු, කලා පීඨ ඇතුළු උසස් අධ්‍යාපන වරම් හිමිකරගත් සිසුන් විය. එමෙන්ම ආර්ථික අභියෝග ජයග්‍රහණය කළ සාර්ථක ව්‍යවසායකයන් එකොළොස් දෙනෙකු සඳහා ද ත්‍යාග හා සහතික පත් ප්‍රධානය කළ අතර බතික්, පොල් කටු, රසකැවිලි, බෑග්, චිත්‍ර ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යවසායකයින් ඒ අතර විය.
තවද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හොඳම ප්‍රාදේශීය ස්වශක්ති සංවිධානය,හොදම ප්‍රාදේශීය ස්ව ශක්ති සාමාජිකයා, සී.බී.ආර් වැඩසටහන යටතේ නිවෙස් මට්ටමේදී සාර්ථකව සමාජගත වූ ආබාධ සහිත පුද්ගලයා, හොඳම ප්‍රදර්ශන තත්ත්වයේ නිර්මාණ කළ ආබාධ සහිත තැනැත්තා, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් හොඳම නව නිර්මාණ කළ නිර්මාණකරුවා (විවෘත), ආබාධ සහිත පුද්ගලයන් රැකියා ගත කිරීම සඳහා දායකත්වය දැක්වූ හොඳම සේවා යෝජකයා ලෙස රඹුක්කන බ්‍රැන්ඩික්ස් ඇපරල් පුද්ගලික සමාගම සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය නොමැතිව ක්‍රියාත්මක වන හොඳම ළමා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය යන අංශය යටතේ ජයග්‍රහණය ලද ජයග්රාහකයින්ට ත්‍යාග, සහතික පිරිනැමිණි.
මෙවර දිස්ත්‍රික් අබාධිත දින සැමරුමේ දී මෙවර 2024 වසරේ ජාතික මට්ටමේ ජයග්‍රහණ කෑගල්ල දිස්ත්‍රික්කයට අත්කර දුන් ජයග්‍රාහකයන් ඇගැයීමට ලක් කිරීමද විශේෂත්වයකි.
ඒ යටතේ හොඳම ප්‍රාදේශීය ස්වශක්ති සංවිධාන අතර දිවයිනේ දෙවන ස්ථානය රඹුක්කන ගැමුණු ශක්ති සංවිධානයටත්, ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් පැවති නව නිර්මාණ (විවෘත) තරඟයේ දිවයිනේ තෙවන ස්ථානය සඳරුවන් ප්‍රියවංශ මහතාටත්, වසර විසි හයක රාජ්‍ය සේවා කාලය තුළ කළ රාජකාරීමය කැප කිරීම වෙනුවෙන් මෙම වසරේ සමස්ථ දිවයිනේ හොඳම දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරියා ලෙස සරත් රණවීර මහතාටත්, වසර 19ක සේවා කාලයක් සපිරමින් ආන්තීකරණයට ලක් වූ පුද්ගලයින්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල ජාතික මට්ටමේ හොඳම ප්‍රාදේශීය නිලධාරියාට හිමි ප්‍රථම ස්ථානය සමාජ සේවා නිලධාරී අරුණ ශාන්ති මහතාටත්, පූර්ණ කාලීනව රෝහල්වලට අනුයුක්ත කර රෝහලේ සුභසාධනය මගින් සේවා සැපයීමේ ජාතික මට්ටමේ හොඳම නිලධාරියා ලෙස සමාජ සේවා නිලධාරී නිල්මිණී කරුණාරත්න මහත්මියත් ඇගැයීමට ලක් කෙරිණි.
2024 වසරේ කෑගල්ල දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු අංග ගණනාවකින් විචිත්‍රවත් කර තිබූ අතර එම සියලු අංග සඳහා ආබාධ සහිත පුද්ගලයන් තම දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට එක්ව සිටීම කාගේත් අවධානයට ලක් කෙරෙන කාරණාවක් විය.
දිස්ත්‍රික් සමාජ නිලධාරී සරත් රණවීර මහතා ඇතුල දිස්ත්‍රික් සමාජ සේවා අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රිය දර්ශනීය යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, රඹුක්කන මාවනැල්ල, කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, සබරගමු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරීන් වන එස් .ඒ ජයන්ත, ඉන්දු මාලා අබේසිරි වර්ධනය යන මහත්ම මහත්මීන්, ප්ලේන්ටිෆූඩ් ආයතනයේ සහකාර සාමාන්යාධිකාරියතුමන්, ආබාධ සහිත ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
- කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -