පාරම්පරික හස්ත කලා ක්ෂේත්‍රයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් අගයමින් ඔවුන් වෙත සම්මාන පිරිනැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි.
ඒ යටතේ මධ්‍යම පළාතේ පදිංචි හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන කලාකරුවන් හත් දෙනෙකු සඳහා ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ශිප්ලාභිමානී චක්‍රවර්ති උපහාර හා මූල්‍යමය ප්‍රදානයන් පිරිනැමීම මෙහි දී සිදුවිය.
පාරම්පරික අංශය යටතේ සේසත් හස්ත කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ගාමිණී විජේසූරිය මහතා ද, ලාක්ෂා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජගත් විජේරත්න මහතා සහ රිදී පිත්තල කැටයම් යන ක්ෂේත්‍රයෙන් ගාමිණී ප්‍රේමසිංහ මහතා ද සම්මාන ලැබීය.
නූතන අංශය යටතේ කේ.කුමාරිහාමී මහත්මිය රන් රිදී ආභරණ ක්ෂේත්‍රයෙන් ද, රූකඩ ක්ෂේත්‍රයෙන් උදය ශාන්ත මහතා චක්‍රවර්තී සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. රන් රිදී කැටයම් ක්ෂේත්‍රයෙන් චක්‍රවර්තී සම්මානය හිමිකර ගනු ලැබුවේ එල්.දයාරත්න මහතාය.
- මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -