ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රති ආශ්‍රීත ජල පෙරණ පද්ධතියක් මහවිල්චිචිය ජනතාවට

    දෙසැම්බර් 05, 2024

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික වකුගඩු රෝග නිවාරණ අංශය මඟින් ලබා දුන් රුපියල් මිලියන පහක  ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද ප්‍රති ආශ්‍රීත ජල පෙරණ පද්ධතිය පසුගිය දා (03) වෙනි දින මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 363 රන්දුව ධීවර ගම්මානය අසල දී විවෘත කෙරිණි.

    මෙම ව්‍යපෘතිය මඟින් පවුල් ඒකක 100ක පුද්ගලයින් 400කට ආසන්න ප්‍රමාණයකට පිරිපහදු කරන ලද පානීය ජල පහසුකම් සපුරා ගත හැකි වේ. ඉදිකිරීම් ඇතුලු කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කර ඇති අතර මෙහි පාලන හා නඩත්තු කටයුතු රන්දුව දිමුතු ප්‍රජා මුල සංවිධනය මඟින් සිදු කරනු ලැබේ.

    ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා පේමඩුව රාජමහා විහරස්ථානයේ පුජ්‍ය සුමංගල හිමියන් ඇතුලුව මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය, සහකාර ප්‍රාදේශිය ලේකම් හසිනි හිටිබණ්ඩාරනායක මහත්මිය, නාවික හමුදා මානුෂිය සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලුතිනන් යු.ජේ.වී. රන්දීමාල් මහතා යන නිලධාරින්ගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදී.

    • අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya