ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ ළමා හා කාන්තා සංවර්ධන කමිටු ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීම වෙනුවෙන් විශේෂ රැස්වීමක්

    දෙසැම්බර් 05, 2024

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා සංවර්ධන කමිටු ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක දී පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය, ජංගම දුරකතන සඳහා ඇබ්බැහිවීම් හා අඩු වයස් ගැබ් ගැනීම් වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් මේ තත්ත්වය අවම කරලීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ළමා හා කාන්තා ඒකකය සක්‍රීය කර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා මගින් එහි ඍජු අධීක්ෂණ කටයුතු සිදු කිරීමත් එමඟින් ළමා හා කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා උපදෙස් දී තිබේ.

    යම්කිසි හිංසනයකට ලක්වන දරුවන් හෝ කාන්තාවන් සිටී නම් ඒ පිළිබඳ තොරතුරු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී හරහා ලබා ගෙන කඩිනමින් අගතියට පත් සියලු දෙනා, ළමා හා කාන්තා ඒකකය වෙත යොමු කර ගැටලු විසඳීමට කටයුතු කිරීමත් උපදේශනය ලබාදීම හෝ මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී දන්වා සිටියේය.

    ළමුන් සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් කටයුතු කරන ලෙස සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා යම් සිදුවීමක දී දරුවන් හා කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ අදාළ සිදුවීමට ප්‍රායෝගිකව යොමු වීමේ අවශ්‍යතාව මෙන්ම ඒ සම්බන්ධයෙන් පසු විපරම් සිදු කිරීම තම වගකීමක් බව ද ප්‍රකාශ කළේය.

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ළමුන්ට සිදු වන හිරිහැර, ආර්ථික ප්‍රශ්න, මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන භාවිතය, මානසික ප්‍රශ්න, සියදිවි හානි කර ගැනීමේ උත්සාහයන් යනාදිය පිළිබඳ දැනුම්දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ඒකකයක් පිහිටුවා ඇති බවට මහජනතාව දැනුවත් කළ යුතු බවත් පාසල් සිසු දරුවන් දැනුවත් කිරීම සඳහා විදුහල්පතිවරුන්ගේ කැමැත්ත පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් වෛද්‍යවරුන් මගින් පැවැත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී සඳහන් කළේය.

    දරුවන්ගේ ගැටලුවල දී රහස්‍යභාවය ආරක්ෂා වන ලෙස සියලුම නිලධාරීන් කටයුතු කළ යුතු අතර ග්‍රාමීය මට්ටමින් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම කාලීන අවශ්‍යතාවක් බවත් සෑම සතියකටම එක් දිනක් ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නිලධාරීන් රැස්වී මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    - ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya