ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නව දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ඉන්දික උඩවත්ත මහතා වැඩ භාර ගනී

    දෙසැම්බර් 05, 2024

    මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් 2024.12.02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත්කිරීමට අනුමැතිය ලැබුණු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (05) සිය රාජකාරී අරඹන ලදී. 

    හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව හේතුවෙන් නව නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ඒ මහතා පත් කර ඇත.

    2003 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ඉන්දික උඩවත්ත මහතා මුලින්ම සිය රාජකාරී අරඹන්නේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු  වශයෙනි. ඉන්අනතුරුව උහන සහකාර ප්‍රාදේශීය ලේකම් සහ උහන ප්‍රාදේශීය ලේකම් ලෙස ද ඒ මහතා සේවය කර ඇත. 

    මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන ඒ මහතා යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් තනතුරු ද හොබවා ඇති අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට පෙරඅම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වශයෙන් කටයුතු කරමින් සිටියේය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගෙන තිබේ. මීට අමතරව උඩවත්ත මහතා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දෙස් විදෙස් පුහුණු අවස්ථා රැසක්ම ගෙන රාජ්‍ය සේවය පිළිබඳව අත්දැකීම් රැසක් හිමිකර ගත් නිලධාරියෙකි.

    ග්‍රන්ථ කර්තෘවරයක් හා සාහිත්‍යකරුවෙකු වන ඒ මහතා අම්පාර රජගලතැන්න මහ විද්‍යාලය, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල සහ නිට්ටඹුව සංඝබෝධී මධ්‍ය මහ විද්‍යලයේ ආදි ශිෂ්‍යයෙකු ද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya