සමාජයේ නිතර කතාබහට ලක්වන, දිනපතා පුවත් මැවීමට හේතුවන මාතෘකාවක් වන කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මධ්‍යම බස් නැවතුම්පල කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා (06) සිදු වූ අතර ඊට සමගාමීව දැනුවත් කිරීමේ ස්ටිකර් බස් රථවල ඇලවීම ද සිදු කෙරුණු බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දින දක්වා අන්තර් ජාතික මට්ටමින් සංවිධානය වන දීප ව්‍යාප්ත වැඩසටහනක් වූ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිංසනයන් පිටුදැකීමේ වැඩසටහන සහ වීදි නාට්‍ය ප්‍රදර්ශනය දින 16 ක් පුරා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වේ.
වැඩසටහන සංවිධානය කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා හා ළමා කටයුතු අංශය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසිනි.
මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිසාපති හා දිස්ත්‍රික් ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා, අතිරේක දිසාපති හා අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. සුදාකරන් මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරී දීපානි මහත්මිය ඇතුළු නිලධාරීහු සම්බන්ධ වූහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ත්‍රිකුණාමලය