බදුල්ල හ හාලිඇල මහජන පොළ භූමියේ වෙළඳාම් කරන වෙළදුන්ගේ තරාදි පරීක්ෂාවට ලක් කිරීම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය දා සිදු කරන ලදි.
ඒ් පාරිභෝගිකයාට නිවැරදි මිණුමක් සහතික කිරීම අරමුණු කරගනිමින් එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් අඩු බර සහිතව භාණ්ඩ අලෙවි කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහාය.
එහිදී ඇතැම් වෙළෙදුන්ගේ වැරදි සහගත කිරුම් උපකරණ පවතින බවට නිරීක්‍ෂණය කළ බවත් ඒවා නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදුන් බවත් බදුල්ල දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා සහකාර අධිකාරී දුලිත් අශෝක මහතා සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය