වෙළඳපලට සහල් නිකුත් කරන ගිරාදුරුකෝට්ටේ පිහිටි සහල් ව්‍යාපාරික ස්ථානයක් ඊයේ (09) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන ලදි.
එහිදී විශාල වශයෙන් ගබඩා කර ඇති වී තොග නිරීක්ෂණය කළ බවත් ගබඩාකර ඇති එම වී තොගයට සාපේක්ෂකව දෛනිකව සහල් බවට පත්කරන ප්‍රමාණය හා වෙළඳපොලට නිකුත් කරන ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නේය.
ඒ අනුව වෙළඳපලට ප්‍රමාණවත් තරම් සහල් තොග නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ව්‍යාපාරිකයින්ට හා සේවකයින්ට උපදෙස් ලබාදුන් අතර නිසි පරිදි ප්‍රමාණවත් තොග වෙළඳපලට නිකුත් කරන්නේද යන්න නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවත් එම නිලධෘරීන් සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී ශාන් යාපාරත්න මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම නිරීක්ෂණය සිදුකළ බව බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.
බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය