ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර අලි මිනිස් ගැටුම මැඩීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්

    දෙසැම්බර් 11, 2024

    අලි - මිනිස් ගැටුම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාව පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    වැඩ සටහනේ අරමුණ වශයෙන් අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේ දී ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.

    2024 වර්ෂයේ නොවැම්බර් දක්වා සිදුව ඇති ජීවිත හානි ගණන 28ක්, ශාරීරික හානි 55ක් ද වාර්තා වේ. දේපළ හානි ගණන 908කි.

    අලි පහරදීමෙන් පුද්ගලයින් 27ක්, පුද්ගල ශාරීරික හානි 34ක් හා දේපල හානි 915ක් සඳහා වන්දි මුදල් ලෙස රුපියල් 73,161,516.00ක මුදලක් (හත් කෝටි තිස් එක් ලක්ෂ හැට එක් දහස් පන්සිය දහසයක් පමණ) ගෙවා ඇති, අතර උතුරු මැද පළාත් සභාව මගින් වන අලි ගැටලුවට විසඳුම් ලෙස පවතින අලි වැට ආරක්ෂා කර ගැනීම සඳහා මුර කුටි ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා දිස්ත්‍රික්කයේ මෙම ගැටලුව උග්‍ර ව පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් වන, තලාව, තඹුත්තේගම, නොච්චියාගම, තිරප්පනේ, ඉපලෝගම, මහවිලච්චිය යන ප්‍රදේශයන්ට මුර කුටි 67ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 26ක මුදලක් 2024 නොවැම්බර් මස අවසන් සතියේ දී වෙන් කර ඇත.

    එක් මුර කුටියක් සඳහා රුපියල් 700,000.00ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, රජයේ දායකත්වය රුපියල් 400,000.00ක් හා ප්‍රජා දායකත්වය රුපියල් 300,000.00ක් වශයෙන් මෙම කටයුත්ත සිදු වෙයි. ඒ අනුව ප්‍රජා දායකත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කටයුතු කරන සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් උපදෙස් ලබා දී ඇත.

    මෙම මුර කුටි ඉදිකිරීමෙන් පසු එහි රැඳී සිටීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහය ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් සිදු කළ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් ඒ සඳහා එකඟතාවය ලිපියකින් ලබා දී ඇති බවට දිස්ත්‍රික් ලේකම් විසින් සඳහන් කරන ලදී.

    මෙම ගැටලුව සඳහා ගත හැකි දිගු කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන විසඳුම් පිළිබඳව පරිසර අමාත්‍යාංශය, කැළණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග මූලික සාකච්ඡා පවත්වා ඇති බවත්, ඉදිරියේ දී මෙම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් පසු මෙම ගැටලුව සඳහා යම් සාධනීය විසඳුම් ලබාගත හැකි බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22න් 21කට ම අලි මිනිස් ගැටලුව පවතින බව ද ඒ මහතා පැවැසී ය.

    වාරිමාර්ග, ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න,මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත්, පලිහේන යන මහත්මයන්ගේ හා දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජි. අබේසේකර, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, වනජීවී සහකාර අධ්‍යක්ෂ,දිසා වන නිලධාරී, තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති යන මහත්ම මහත්මින් සමග Zoom තාක්ෂණය ඔස්සේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩ සටහන පැවැත් විණි.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - අනුරාධපුර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya