පසුගිය දා ඇති වූ ගංවතුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ විනාශ වී ඇති ගොවිබිම් සඳහා රුපියල් මිලියන 139ක මුදලක් වන්දි වශයෙන් ගෙවීමට තක්සේරු කටයුතු සිදු කෙරෙන බවට ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා (13) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මෙහි දී ගොවින් ළඟටම ගොස් එම තක්සේරුව සිදුකරන ලෙස නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
පොළොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය