ජනාධිපති ලේකම් කාර්යාලයේ "ජාතික වකුගඩු රෝග නිවාරණ" ජාතික වැඩසටහන මඟින් ලබාදෙන ප්‍රතිපාදන යටතේ තිරප්පනේ මහකණුමුල්ල ග්‍රාම නිලධාරී වසමේ ඉදි කළ ජල පෙරණ පද්ධතිය පසුගිය දා (12) ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ව්‍යපෘතිය මඟින් පවුල් 300කට අධික සංඛ්‍යාවකට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගත හැකි බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික අංශය විසින් මෙම ජල පෙරණ පද්ධතිය සවිකිරීම සිදුකළ අතර එහි නඩත්තුව මහකණුමුල්ල පිනිබිඳු ප්‍රජා ජල සමිතිය මඟින් සිදු කරනු ලැබේ.
අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය