ජනවාරි 08, 2025
tami eng youtube  twitter facebook

    විලච්චියේ කාන්තාවන් පිරිසකට බයිට් වර්ග නිෂ්පාදන පුහුණුවක්

    දෙසැම්බර් 17, 2024

    උතුරු මැද පළාත් වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ධාරිතා වර්ධන පුහණු වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ලෙස සිදුහත් කාන්තා සංවිධානයේ කාන්තාවන් සඳහා  බයිට් වර්ග  නිෂ්පාදනයට අවශ්‍ය පුහුණුව ලබා දීම මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පලුගස්වැව ග්‍රාම නිලධාරි වසමේ අශෝකමාලාගම දී පසුගිය දා (13) සිදු කෙරිණි.

    ඒ අනුව, මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විදාතා නිලධාරිනි චන්ද්‍රිකා මහත්මිය විසින් කෙසෙල් ගෙඩි වලින් චිප්ස් හා හාල් පිටි වලින් මුරුක්කු නිෂ්පාදනය සඳහා පුහුණුව ලබා දී තිබේ.

    මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ග්‍රාමිය කාන්තාවන්ගේ ආර්ථිකයේ වර්ධනයක් ලඟා කිරීමට උපකාරි විය හැකි බව මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය වැඩිදුර උපදෙස් ලබා දෙමින් නිලධාරින්ට ප්‍රකාශ කර ඇත.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - අනුරාධපුර

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya