ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හසලක රණ විරුවා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

    මාර්තු 10, 2015
    අලිමංකඩදී දිවි පිදූ කෝප‍්‍රල් ගාමිණී කුලරත්න රණ විරුවා සිහිකිරීම සඳහා ප්‍රථම රාජ්‍ය උත්සවය ඊයේ (09) මහජන සාමය ආපදා කළමණාකරන සහ ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.
     
    1991 වසරේ දී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ පිරවූ බුල් ඩොසරයක් අලිමංකඩ කඳවුරේ සිංහ රෙජිමේන්තුවේ 6 වන කදවුර කරා පැමිණෙමින් සිටිය දී අත්බෝම්බ දෙකක් සමඟ එම බුල් ඩෝසරයට පැන පුපුරුවා හැරීමට ගාමිණී කුලරත්න රණ විරුවා සමත් විය. ඒ හේතුවෙන් එම කඳවුර සහ එහි රැදී සිටි හමුදා සාමාජිකයන් දහසකට අධික පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූයේය. 
     
    මෙම වීරක‍්‍රියාව හේතුවෙන් ඔහුට පරම වීර විභූෂණ පදක්කම ද පිරිනමා ඇත. පසුව ඉදි කළ ඔහුගේ පිළිරුව ද, ත‍්‍රස්තවාදීන් විසින් කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බුල් ඩෝසරයේ කොටස් ද අලිමංකඩ යුද හමුදා කඳවුර ආසන්නයේ අදටත් එහිදී දැක ගත හැකිය. 
     
    මෙහිදී ගාමිණි රණ විරුවාගේ මෑණියන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එවන ලද ත්‍යාග මෙන් ම ජෝන් අමරතුංග සහ රුවන් විජයවර්ධන මහත්වරු විසින් මුදල් ත්‍යාගයන් ද පිරිනමන ලදී.
     
    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝද වැඩම කර සිටියහ. මීට අමතර ව ගාමිණි රණ විරුවාගේ මව ඇතුළු පවුලේ ඥාතීන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya