ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යුද අපරාධ චෝදනා විභාග කිරීමට විශේෂ පරීක්ෂණ කමිටුවක්

    මාර්තු 12, 2015
    යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ශී‍්‍ර ලංකාවට කොපමණ අභ්‍යන්තර පීඩනයක් පැමිණියත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන්ට ලංකාවේ අභ්‍යන්තර පරීක්ෂණයට අතපෙවීමට ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපතිවරයා කියා සිටී.
     
    පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය සැමරීම පිණිස බි‍්‍රතාන්‍යයේ සංචාරයක යෙදී සිටින අතරවාරයේ බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡුාවකට එක්වෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේය.
     
    නීත්‍යානුකූල පරීක්ෂණ කමිටුවක් පත්කර ඒ වගකීම කමිටුවට පවරන බවත්, පරීක්ෂණ කමිටුව විසින් කළ යුතු කාර්යයන් මොනවාද, ඒවා හඳුනාගෙන අපි බලාපොරොත්තු වන ඉලක්කගත වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    එම පරීක්ෂණයෙන් කිසියම් වැරදිකරුවන් හඳුනා ගැනෙන්නේ නම් රටේ නීතිය ප‍්‍රකාර ඔවුන්ට දඬුවම් කිරීමට පියවර ගන්නා බවත් යුද අපරාධ චෝදනා විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya