ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යුද්ධය හා වෛරය අවසන් කළ හැක්කේ බුදු දහමින් - ඉන්දීය අගමැති

    මාර්තු 13, 2015

    යුද්ධය හා වෛරය අවසන් කළ හැක්කේ බුදු දහමින් බවත් බුදු දහම අප සියලු දෙනා එකතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

    දෙදිනක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (13) මරදාන, මාළිකන්ද මහාබෝධි විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් සිදු කිරිමෙන් පසු පැවති දේශනයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ලෝකයේ බුදු දහම පවතින එකම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යතුමා මෙරට භික්ෂූන් වහන්සේලා ලෝකය පුරා බෞද්ගාමික කටයුතුවල නියැලී සිටින බව ද පෙන්වා දුන්නේය.

     

    තමන් උපන් ගමේ බුදු දහම අතීතයේ ප්‍රචලිතව පැවති අතර තමා ප්‍රධාන අමාත්‍ය ධූරය පත් වූ කාලයේ එම ප්‍රදේශයේ සිදු කළ කැනීම්වලින් බෞද්ධ වෙහෙර විහාර, ධාතූන් වහන්සේලා වැඩසිටින රන් කරඩු ආදිය හමු වූ බවත් ඉදිරියේදී එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව මෝදි මහතා සඳහන් කළේය.

     

    මහා බෝධි විහාරස්ථානය පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහා සංඝයා වහන්සේලාට දානය පිරිනැමූ අතර ධාතු මන්දිරයට ගොස් ධාතූන් වහන්සේලා වැද පුදා ගත්තේය.

     

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සනිටුහන කරමින් රුපියල් 500 සමරු කාසීයක් නිකුත් කෙරිණි. විහාරස්ථානය ඉදිරිපිට නා පැලයක් ද රෝපණය කළ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ ස්ථාපිත කළ අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

     

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් පිළිගැනීමේ කතා පැවැත්වූහ. අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍ය කරූ ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    kpm

     

    Indian PM Mahabodhi 01

    Indian PM Mahabodhi 02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya