ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    තලෙයි මන්නාරම් තොට සිට මඩුපාර දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරේ Featured

    මාර්තු 14, 2015
    ඉන්දීය රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මඩුපාර සිට තලෙයි මන්නාරම් තොට සිට දක්වා වූ දුම්රිය මාර්ගයෙ, දුම්රිය ස්ථානය හා දුම්රිය සංඥා පද්ධතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනතා අයිතියට පැවරිණි.
     
    ඒ අනුව අද දහවල් තලෙයි මන්නාරම් තොට දුම්රිය ස්ථානය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම දුම්රිය ස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කරමින් දුම්රිය ස්ථානය විවෘත කළ අතර දුම්රිය ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් නිල සංඥාව නිකුත් කරමින් දුම්රිය සේවය නැවත ආරම්භ කළේය.
     
    ඉන් අනතුරුව දුම්රිය ස්ථානය වෙත පැමිණි ජනතාව අතරට ද යාමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය. 
     
    උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක්‌ දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි. 1990 වසරේ දී පමණ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයි මන්නාරම් තොට දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු  නතර කරන ලදී. 
     
    තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 2530ක් වැය වී ඇත. මේ දුම්රිය මාර්ගයේ පැයට කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. මඩු පාර දුම්රිය ස්ථානයේ සිට තලෙයි මන්නාරම් තොට දක්වා වූ සෑම දුම්රිය ස්ථානයක් ම අලුතින් ඉදිකොට ඇති අතර එම දුම්රිය ස්ථාන දෙක අතර දුර කිලෝ මීටර් 63කි. 
     
    කිලෝ මීටර් 43ක් වන මැදවච්චියේ සිට මඩු පාර දක්වා වූ දුම්රිය මාර්ග කොටස 2013 වසරේ මැයි මස 14වැනි දින ජනතා අයිතියට පත් කරන ලදී.
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  දෙ දින නිල සංචාරයක් සඳහා ඊයේ (13) ශ්‍රී ලංකාවට පැමිණියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya