ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විසිරුණු පවුල් එකතු කරන්නට ඉන්දීය රජයෙන් නිවාස

    මාර්තු 14, 2015
    පීඩාවට පත්ව සිටින විසිරුණු පවුල් එකතු කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි.
     
     
    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ ඉලවාලයි ප්‍රදේශයේ ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතියේ නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් අද (14) පැවති උත්සවයේදීය.
     
     
    යාපනයේ ඉලවාලයි ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය මඟින් ඉන්දීය රජයෙන් නිවාස 1000ක් ඉදි කිරීමට අපේක්ෂිත බවත් එම නිවාස අවතැන්ව සිටින නිවාස නොමැති පවුල් වෙත ලබා දෙන බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.
     
     
    ඉන්දීය රජයෙන් පවුල් 27000කට සෙත සැලසෙන පරිදි තවත් නිවාස 27000ක් ශ්‍රී ලංකාවේ උතුරු පළාත් පවුල්වලට ලබා දීමට නුදුරේදීම ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එමඟින් මෙම පවුල්වල වෙසෙන 50000කට අධික දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීම සිය අරමුණ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
     
     
    එපමණකින් නොනැවතී ඉන්දීය ප්‍රතිපාදන මත තවත් නිවාස 45000ක් උතුරුට ද නිවාස 20000ක් මධ්‍යම හා ඌව පළාත් සඳහා ද ලබා දීමට කොටස් වශයෙන් ව්‍යපෘති දියත් කරන බව මෝදි මහතා කියා සිටියේය.
     
     
    මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාසයක් නිරීක්ෂණය කළ තමන් විසින් එම නිවස ලබා දුන් පවුලේ දියණියගෙන් සිය අනාගත බලාපොරොත්තුව ඇසූ විට අනාගතයේ දී ඇය ගුරුතුමියක් වන බව පැවසූ බව ප්‍රකාශ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා භාරතයේ අනුග්‍රහය ලබා දී නිවාස දහස් ගණනක් නිම කර දුන්නත් තමන්ට කළ නොහැකි ඉදිරි පරපුරේ ජීවිත මෙම නිවාසවල ජීවත් වන දරුවන් අනාගතයේ දී සර්ව සම්පූර්ණ කරනු ඇතැයි තමන්ට විශ්වාසයක් ඇති වූ බව ප්‍රකාශ කළේය.
     
     
    ශ්‍රී ලංකා සංචාරයේ අවසන් කර්තව්‍යය ලෙස නිවාස ජනතා අයිතියට පත් කිරීමෙන් පීඩිත ජනතාවගේ කඳුළු පිසීමට තමන්ට අවස්ථාව ලැබීම පිළිබඳව තමන් ඉතාමත් සතුටට පත්වන බව අග්‍රාමාත්‍යවරයා අවසානයේ දී ප්‍රකාශ කළේය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya