ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දින 100 මූලික පොරොන්දු ඉටු කර අවසන් - හර්ෂ ද සිල්වා

    මාර්තු 18, 2015
    වත්මන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද දින 100 වැඩසටහනෙහි මූලික පොරොන්දු මේ වන විට ඉටුකොට අවසන් බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ජී.එම්. හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ දින 100 වැඩපිළිවෙළ පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මේ වන විට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධනය වෙනුවෙන් ගැසට් පත්‍රය නිකුත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවට අඳහස් දැක්වීමේ අවස්ථාව හිමි වී ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු කිරීමට නියමිත වූ පොරොන්දු සියල්ල ඉටු කොට තිබෙන බවත් කීය.
     
    ව්‍යවස්ථා සංශෝධනය හරහා ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාවක් මෙන් ම නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙන තිබෙන බවත් මෙම කොමිසන් සභාවන් හරහා රජයේ ආයතනවල ප්‍රසම්පාදන කටයුතු දූෂණයෙන් තොරව සිදු කරගත හැකි බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීමේ අවස්ථාව හිමිවන බවත් පෙන්වා දුන්නේය.
     
    මේ සියලු සංශෝධනයක් රටේ සිදුවන දූෂණ වැළැක්වීමට ගන්නා දැවැන්ත පියවරක් බවත් කීය.
     
    වසර ගනනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ දී සංශෝධනය කරගැනීමට බැරි වූ ජාති ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කර ගත්තා. නමුත් මාධ්‍ය මගින්වත් ඒ සඳහා නිසි ප්‍රචාරයක් ලබාදුන් බවක් පෙනෙන්නට නැහැ. කාලයක් ගත වී හෝ එය සිදු වී තිබෙනවා. මේ කාරණාවන් පිළිබඳ ව අවතක්සේරුවෙන් බැලිය යුතු නැහැ. 
     
    සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වර්තමානයට ගැලපෙන ආකාරයෙන් සුදුසු සංශෝධනයක් සහිත ව සම්මත කරගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya