ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නැවත ආස්තරණයේ කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ Featured

    මාර්තු 19, 2015

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් යානා ධාවන පථය නැවත ආස්තරණය හා ආශ්‍රිත වැඩ කටයුතු සම්බන්ධව අදාළ සමාගමට ලබා දී තිබුණු කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    අද (19) දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බව තහවුරු වී ඇති බැවින් දැනට ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම පිණිස නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නැවත ආස්තරණය ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉහළ ඇස්තමේන්තුගත මුදලක් මෙම සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු බව රාජිත සේනාරත්න මහතා පැවසුවේය. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ සමාගමට කිසිඳු පළපුරුද්දක් ද නොමැති බව තහවුරු වී ඇති බැවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya