ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සියල්ල එකවර කළ නොහැකියි - අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    මාර්තු 19, 2015
    පසුගිය වකවානුව පුරාවට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුව ඇති අක‍්‍රමිකතාවන් සියල්ල එකවර විසඳන්නට තමාට හැකියාවක් නැති බවත්, ඒ පිළිබඳ සොයාබලා කරුණු අධ්‍යයනය කිරීමට යම්කිසි කාලයක් අවශ්‍ය වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කරයි.
     
    රජයේ ප‍්‍රමුඛතා කළමනාකරණ සහ සංවර්ධන කාර්යයන් සඳහා බඳවාගත් උපාධිධාරී ගුරුවරුන්ගේ අහිමි කළ සේවා කාලය ගුරු සේවයට එක්කර දෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය විසින් ඊයේ (18) ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යාවරයා මේ බව පැවසීය.
     
    මෙම ගැටලු දෙස දේශපාලන මුහුණුවරකින් කටයුතු නොකරන ලෙස ගුරු සේවා සංගම් නියෝජිතයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර දේශපාලනික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් හදිසියේ ගන්නා තීරණ නිසා තවත් පාර්ශවයකට දැඩි බලපෑම් ඇතිවිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. තමා කිසිසේත් එවන් පටු අරමුණු මත තීන්දු තීරණ ගැනීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    අනෙක් අමාත්‍යාංශවලට වඩා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාතික මට්ටමේ ප‍්‍රතිපත්තිමය තින්දු තීරණ ගැනීමේ දී ඉතා ප‍්‍රවේශම් විය යුතු බවත් තවත් අයෙකුට අසාධරණයක් සිදු නොවන ආකාරයෙන් සංවේදීව කටයුතු කරන්නට සිදුවන අතර විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු අකුරට ඉටු කිරීමට තමා බැඳී සිටින  බව ද අමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට වැඩිදුරටත් පැවසීය.  
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya