ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    මාර්තු 20, 2015
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර තනතුරට බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 (2015) හෙට (21) දිවයින පුරා මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    මේ විභාගය සඳහා අයදුම්කරුවන් 15,200ක් පමණ සහභාගිවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, 2-I, 2-II හා 3 වන පන්තිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) හෙට (21) හා අනිද්දා (22) දිනවලදී කොළඹ දී පමණක් පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 2256ක් පමණ සහභාගිවීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II වන පෙළ ජේලර්වරුන් හා II වන පෙළ පුනරුත්ථාපන නිලධාරීන් බඳවාගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 (2015) ලබන 22 වන දින දිවයින පුරා මධ්‍යස්ථානයන් හිදී පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 5000ක් පමණ පෙනීසිටිනු ඇත.
     
    ශ්‍රී ලංකා පොලිසියේ පරිවාස/ වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරුන්/ වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2014 (II)මාර්තු 24 හා 25 දිනවලදී කොළඹදී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya