ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව අමාත්‍යවරු 26ක් දිවුරුම් දෙති Featured

    මාර්තු 23, 2015

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 26 දෙනෙකු ඊයේ (22) රජයේ අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නහ. එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

    ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් ලෙස අමාත්‍යවරුන් 11 දෙනෙක් නව රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු මෙලෙස දිවුරුම් දුන්නහ.

    නව කැබිනට් අමාත්‍යවරුන්

    ආපදා කළමනාකරණ අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි මහතා
    කම්කරු අමාත්‍ය - එස්.බී. නාවින්න මහතා
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය - පියසේන ගමගේ මහතා
    උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය - ආචාර්ය සරත් අමුණුගම මහතා
    ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය - එස්.බී. දිසානායක මහතා
    පළාත් සභා සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය - ෆීලික්ස් පෙරේරා මහතා
    පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය - මහින්ද යාපා අබේවර්ධන මහතා
    ගුවන් සේවා අමාත්‍ය - රෙජිනෝල්ඩ් කුරේ මහතා
    වාරිමාර්ග අමාත්‍ය - විජිත් විජයමුණි සොයිසා මහතා
    ධීවර අමාත්‍ය - මහින්ද අමරවීර මහතා

    නව රාජ්‍ය අමාත්‍යවරුන්

    පරිසර රාජ්‍ය අමාත්‍ය- පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය
    කම්කරු රාජ්‍ය අමාත්‍ය - ජීවන් කුමාරණතුංග මහතා
    මුදල් රාජ්‍ය අමාත්‍ය- මහින්ද සමරසිංහ මහතා
    රාජ්‍ය පරිපාලන හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලන රාජ්‍ය අමාත්‍ය - සී.බී. රත්නායක මහතා
    නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය - ඩිලාන් පෙරේරා මහතා

    නව නියෝජ්‍ය අමාත්‍යවරුන්

    බුද්ධ ශාසන හා ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය -තිස්ස කරලියද්ද මහතා
    ධීවර නියෝජ්‍ය අමාත්‍ය -දයාශ‍්‍රිත තිසේරා මහතා
    ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා
    ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා
    ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය -ලක්ෂ්මන් යාපා අබේවර්ධන - මහතා
    වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය - ලලිත් දිසානායක මහතා
    වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය -ජගත් පුෂ්පකුමාර මහතා
    ග‍්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය -ලසන්ත අලගියවන්න මහතා
    උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය- සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය
    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය- ශාන්ත බණ්ඩාර මහතා

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya