ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “චීන නිල සංචාරයෙන් ශ්‍රී ලංකා-චීන දෙරටේ සම්බන්ධතාව තවදුරටත් ‍වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරයි“ Featured

    මාර්තු 25, 2015

    තමාගේ සිව් දින චීන නිල සංචාරය තුළින් ශ්‍රී ලංකා-චීන දෙරටේ සම්බන්ධතාව තවදුරටත් ‍වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

     

    ජනාධිපතිතුමා ඊයේ (24) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ බව චීන මාධ්‍යවේදින් අමතමින් පැවසීය.

     

    මෙවර සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් දෙරටේ සම්බන්ධතාව ඉදිරියට මෙහෙයැවීමට අපේක්ෂා කරන බවද හෙතෙම එහිදී සඳහන් කළේ ය.

     

    ජනපතිවරයා අද (25) ශ්‍රී ලංකාවෙන් චීනය බලා පිටත් ව ඇත. හෙතෙම අද රාත්‍රීයේ බෙයිජිං අගනුවරට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

     

    චීන ජනාධිපති ෂී චීං පීං මහතාගේ ආරාධනාවට අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සිට 29වනදා දක්වා සිව් දින චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. හෙතෙම මේ කාලය තුළදී චීන නායකයෝ රැසක් හමු වන අතර, බෝආඕ ආසියා සාකච්ජා මණ්ඩපයේ 2015 වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference 2015) එක් වීමටද කටයුතු යොදා ඇත.

     

    මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන් චීනයේ කරන ප්‍රථම සංචාරයද මෙය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya