ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සේවය හැර ගිය යුද හමුදා සෙබළුන්ට පොදු සමා කාලයක්

    මාර්තු 26, 2015
    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන නිලධාරීන් හා සෙසු නිලයන් සඳහා නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් ව යාමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කොට ඇත.
     
    ඒ අනුව එම පොදු සමා කාලය අප්‍රේල් 2 දා සිට 16 දා දක්වා ක්‍රියාත්මක වේ. එලෙස නිවාඩු නොලබා සිටින යුද හමුදා සාමජිකයන්ට අදාළ කාලසීමාව තුළ තමන්ට අයත් රෙජිමේන්තුවට පැමිණීමෙන් නීත්‍යානුකූල ලෙස හමුදා සේවයෙන් ඉවත් විය හැකිය.
     
    ඒ අනුව ලබන 02 දිනට නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාල සීමාව මාස 06 ඉක්මවන අයවළුන් නීත්‍යාණුකූලව යුද්ධ හමුදා සේවයට කැඳවීමකින් තොර ව පරිපාලනමය වශයෙන් නීත්‍යාණුකූල ව යුද්ධ හමුදාවෙන් අස්කිරීම සිදුකරනු ලබයි. එහිදී නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටින කාල සීමාව මාස 06 කට වඩා අඩු වුවද පොදුසමා කාල සීමාවට පමණක් සීමාවන පරිදි (2015.04.02 දින සිට 2015.04.16 දින දක්වා) එම අයවළුන් ද නීත්‍යණුකූලව යුද්ධ හමුදාවෙන් අස්කිරීම සිදු වේ.
     
    මෙහිදී නිකුත් කර ඇති බඩු බාහිරාදිය නැවත පියවා ගැනීම නොසලකා හැරීම, යුද්ධ හමුදාවට අදාළ නොවන සිවිල් උසාවි නඩු සහ සුළු වැරදි නොසලකා හැරීම, රුපියල් පනස් දහසකට අඩු පියවාගැනීමට නොහැකි මුදල් කපා හැරීම සිදුකිරීමට පියවර ගෙන ඇත. යුද්ධ හමුදාවෙන් යම් මුදලක් ගෙවීමට ඇත්නම් ඔවුන්ගේ අස්කිරීම් කටයුතු සිදුකකරන අවස්ථාවේදී ම ඔවුන්හට එම මුදල් ගෙවීමට කටයුතු කෙරේ.
     
    මෙයට පෙර අවස්ථාවල 1995 වසරේ සිට පොදු සමා කාලසීමා 20 ප්‍රකාශයට පත්කොට ඇති අතර එහිදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි අයවළුන් 67213 දෙනෙක් නිත්‍යානුකුලව හමුදා සේවයෙන් ඉවත් කොට ඇත. 
     
    අවසන්වරට පොදු කාල සීමාවක් ප්‍රකාශයට පත් කොට ඇත්තේ 2012 වසරේ දී ය. 
     
    අප්‍රියල් මස සිදු කෙරෙන අස්කිරීම් කටයුතු වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු කරන අයවළුන් ඔවුන්වෙත යුද හමුදාව වෙතින් නිකුත් කර තුබූ යුහ හැඳුනුම්පත (ලබාගෙන ඇත්නම්) ජාතික හැඳුනුම්පත සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලබා වෛද්‍ය වර්ගීකිරීම්වලට ලක්ව ඇත්නම් ඊට අදාළ ලිපි ලේඛණ පැමිණෙන විට පහත සඳහන් ලිපි ලේඛණ රැගෙන පැමිණිය යුතු බවද මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා තවදුරටත් පැවසිය.
     
    මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසුයේ මේ වනවිට නිලධාරින් 17 දෙනෙක් සහ සෙසු නිලයන් 41313ක් මෙලෙස නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින බවය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya