ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ කොරියානු ධීවර විභාගය අශෝක විද්‍යාලයේ දී

    මාර්තු 27, 2015

    කොරියානු ශ‍්‍රී ලංකා අවබෝධතා ගිවිසුමට අනුව පවත්වන විභාගයට අමතරව විශේෂ කොරියානු ධීවර අංශයේ විභාගයක් මාර්තු මස 28 වන දින කොළඹ 10 අශෝක විද්‍යාලයේදී පැවැත්වේ. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවට පමණක් පවත්වන මෙම විභාගයේ අයදුම්පත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ දැනුම් දීමෙන් නිකුත් කර ඇත.

     

    සැසි දෙකකින් පවත්වන මෙම විභාගයේ සියළුම විස්තර www.slbfe.lk දරණ කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර පළමු වරට පැවැත්වෙන මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමිකයින්ට පමණක් හිමිවීම සුවිශේෂී වරප‍්‍රසාදයකි.

     

    මෙම පරීක්‍ෂණය සඳහා සහභාගිවන්නන් ගුවන්ගමන් බලපත‍්‍රය අනිවාර්යෙන් රැගෙන පැමිණිය යුතු අතර ජංගම දුරකතන වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ විභාග ශාලාවට රැගෙන ඒමට අවසර දෙනු නොලැබේ.

     

    කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පවත්වනු ලබන්නේ ශ‍්‍රී ලංකාව හා කොරියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුවය. ඒ යටතේ විභාගය සමත්වන අපේක්‍ෂකයින් රැකියා බලපත‍්‍ර ක‍්‍රමය මඟින් රැකියා වැඩසටහනට ඇතුළත් කර ගනී. මෙම ක‍්‍රමය වර්තමානයේ කොරියා රැකියා සඳහා ශ‍්‍රී ලංකාව හා තවත් රටවල් 15ක කි‍්‍රයාත්මක කෙරේ.

     

    මේ අතර, වාර්ෂිකව කොරියානු රැකියා සඳහා පවත්වන විශේෂ කුසලතා පරීක්‍ෂණයේදී, අයදුම්කරුවන් සතුව තමන් විභාගයට අයදුම්කල ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද සනාත කරන වෘත්තීමය සහතිකයක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන බව, කොරියානු රැකියා වැඩසටහන සඳහන් කරයි.

     

    මේවන විට දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 26000ක් පමණ සේවය කරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya