ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ කොරියානු ධීවර විභාගයේ ප‍්‍රථිඵල අපේ‍්‍රල් 02 දින

    අප්‍රේල් 01, 2015

    කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් විශේෂයෙන් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා පැවැත්වූ විශේෂ කොරියානු ධීවර විභාගයේ ප‍්‍රථිඵල අපේ‍්‍රල් 02 දින නිකුත් වීමට නියමිතය. එම ප‍්‍රථිඵල www.slbfe.lk  දරණ කාර්යාංශ වෙබ් අඩවියෙන් ලබා ගතහැක.

     

    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 2220 දෙනෙකු අයදුම්කර තිබූ අතර 2104 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියහ. මෙය කොරියානු ශ‍්‍රී ලංකා අවබෝධතා ගිවිසුමට අනුව පවත්වන විභාගයට අමතරව පැවැත්වූ විභාගයකි. මාර්තු මස 28 වන දින කොළඹ 10 අශෝක විද්‍යාලයේදී පැවති මෙම විභාගයේ අයදුම්පත් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විශේෂ දැනුම්දීමක් මඟින් නිකුත් කර තිබිණි.

     

    මේ පිළබඳව අදහස් දක්වන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නීතීඥ හරිස්චන්ද්‍ර බටගොඩ මහතා ප්‍රකාශ කරන්නේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හා කොරියානු රජයේ තානාපති අතර පැවති සාකච්ඡාවල ප‍්‍රථිඵලයක් ලෙස මෙම අවස්ථාව ශ‍්‍රී ලාංකිකයින්ට ලැබුණු බවත් මෙම විභාගයෙන් සමත්වන 50%ට අධික ශ‍්‍රී ලාංකිකයින් ප‍්‍රමාණයකට රැකියා ලබාදීමට කොරියානු රජය ලබාපොරොත්තුවන බවත්ය.

     

    මෙම විභාගයෙන් පසුව පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණයේදී ධීවර ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද හා වෙනත් වෘත්තීය සුදුසුකම් තිබේ නම් එම අයදුම්කරුවන්ට විශේෂ වරප‍්‍රසාදයක් හිමිවන බවත් ඔහු සඳහන් කළේය. එසේම මෙම විභාගය සාර්ථක කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා පොලීසිය හා අශෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය ඉමහත් සහයෝගයක් ලබාදුන් බවත් එම ආයතනයන්ට තමන්ගේ විශේෂ ස්තූතිය පිරිනමන බව ද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya