ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය වෙසක් උත්සවය 04 දා මහියංගනයේදී Featured

    අප්‍රේල් 01, 2015

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 4 වැනි දින පැවැත්වෙන බව බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පලාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    "මෙත් සිතින් ගුණ වඩමු" යන්න මෙවර වෙසක් දින තේමාව වන අතර මැයි 03 සහ 04 දෙදින ප්‍රධාන වෙසක් සැමරුම් වැඩසටහන් දිවයින පුරා පැවැත් වේ.

     

    මීට අමතරව අප්‍රේල් 30 වැනි සිට මැයි 6 දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක වන අතර මැයි 15 වැනිදා වෙසක් චිත්‍රපට උළෙලක් ද පැවත් වේ.

     

    වෙසක් දිනය යෙදී තිබෙන දින මැයි 03 වැනිදි මහියංගන රජමහා විහාරස්ථ පරිශ්‍රයේ 12,000 අධික දහම් පාසල් ළමුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනට සමගාමීව දවස පුරා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    මෙවර වෙසක් ජාතික දින උත්සවය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සංවිධානය කිරීමේ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව කමිටුවක් පත් කර තිබේ.

     

    වෙසක් සැමරුම වෙනුවෙන් ආගමික පරිසරයයෙන් බැහැරව කටයුතු කරන්නන් වෙනුවෙන් කටයුතු කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya