ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තවත් ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙක් යේමනයෙන් ඉවත් කෙරේ

    අප්‍රේල් 06, 2015

    චීන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලාංකිකයන් 39 දෙනෙක් ආරක්ෂිතව යේමනයේ සිට ඉවත් කර ඇති අතර ඔවුන් බහරේන් වෙත යවා ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

     

    යුද්ධය පවතින අරාබි රාජ්‍යයේ අවතැන්ව සිට මුහුද හරහා ආරක්ෂිතව පැමිණි ශ්‍රී ලංකිකයින් අට දෙනෙකු පසුගිය සිකුරාදා (03) ජිබුටි වෙත ළඟා වූ බවත් ඔවුන් නැවත මව්රටට එවීම සඳහා තම රජය උපකාර කරන බවට බහරේන් රජය කොළඹට දැනුම් දී ඇත.

     

    ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු තවමත්, යේමන් අගනුවර වන සනා තුළ ද තවත් 11 දෙනෙකු හොදෙයිදා නගරයෙහි ද සිර වී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ දත්ත වාර්තා පවසයි.

     

     යේමනයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එරට අගනුවර වන සනා සහ අනෙකුත් ප්‍රධාන නගර වන හොදෙයිදා, ඒඩ්න් හා මුකල්ලා හි පදිංචි සියලු ශ්‍රී ලාංකිකය ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කටයුතු සම්පාදනය කරමින් සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya