ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයකි Featured

    අප්‍රේල් 07, 2015

    ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ලෝක අවධානය යොමු වන මෙම වසරේදීම, ලංකාවේ පළමු වතාවට ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ඇති කර ලාංකේය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන්නට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක සෞඛ්‍ය දින පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

     

    අග්‍රාමාත්‍යතුමාගේ ලෝක සෞඛ්‍ය දින පණිවුඩය:

     

    “යම් රටක ආහාර සුරක්ෂිතතාව එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් කාරණාවකි. අනාරක්ෂිත ආහාර නිසා ලොව පුරා වසරකට මිලියන දෙකක ජනතාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමඟින් නිරෝගී දිවිපෙවෙතට එරෙහිව ඇති වන අතුරු ආබාධ ගිණිය නොහැකි තරම් ය.

     

    මෙහි කාලීන වැදගත්කම තහවුරු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, 2015 වසරේ ලෝක සෞඛ්‍ය දින තේමාව ලෙස ‘ගොවිපළේ සිට බඳුන දක්වාම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම’ හඳුන්වා දී ඇත.

     

    ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ලෝක අවධානය යොමු වන මෙම වසරේදීම, ලංකාවේ පළමු වතාවට ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ඇති කර ලාංකේය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන්නට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයකි.

     

    ආහාර යනු ජීවිතයම බව අවබෝධ කොටගෙන, වගා බිමේ සිට කුස පුරවාගන්නා ආහාර වේල දක්වාම පෝෂ්‍යදායී බවත්, සෞඛ්‍යාරක්ෂිත බවත් තහවුරු කරගන්නට සමස්ත ලක්වැසි ජනතාවට හැකි වේවා යි ප්‍රාර්ථනය කරමින්, ලෝක සෞඛ්‍ය දිනයට සුබ පැතුම් එක් කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya