ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රණ විරු සේවා අධිකාරියෙන් රණ විරු දූ දරුවන්ට ශිෂ්‍යත්ව

    අප්‍රේල් 07, 2015
    රණ විරුවන්ගේ දූ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් රණ විරු සේවා අධිකාරිය විසින් ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
     
    කුවේට් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ අනුග්‍රහය ඇති ව සංවිධානය කරන ලද මෙම උත්සවයේ දී ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ රණ විරුවන්ගේ දූ දරුවන් 102ක් සඳහා කැපකරු මාපිය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.
     
    උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රණ විරු සේවා අධිකාරියේ සභාපතිනිය වන අනෝමා ‍ෆොන්සේකා මහත්මිය විසින් පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රධයානුකූලව පොල්තෙල් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.
     
    රණ විරු සේවා අධිකාරියේ සභාපතිනිය විසින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී.
     
    ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමෙන් අනතුරුව සභාව අමතා සිය අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා අප මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවට බැදී ජීවිත හා ශරීරාංග පූජාවෙන් සේවය කරන ලද රණ විරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා තමන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් රණ විරු සේවා අධිකාරියට සිය ස්තූතිය පුද කරන බව පවසා සිටි අතර අතිගරු ජනාධිපතිතුමා විසින් රණ විරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් ද තමා ඉතා සතුටට පත්වන බවද පවසා සිටියේය.
     
    එදා නොබියව යුද හමුදාවට සම්බන්ධවී රණ විරුවන් කළ සේවය නිසා අද අපට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇති බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙම රණ විරුවන්ගේ ප්‍රශ්ණවලට සහන සැලසීම සඳහා මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ අංශයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද පවසා සිටියේය. එකී රණ විරුවන් අප මාතෘ භූමිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ සේවය උදෙසා අද දින ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්වයන් ප්‍රදානය කරන බව පැවසූ රුවන් විජයවර්ධන මහතා ඒ තුළින් වඩා හොදින් ඉගෙනගෙන රටට දැයට වඩා වැදගත් හා අත්‍යවශ්‍ය පුද්ගලයෙකුවීම සඳහා සෑම දරුවෙකු ම තදින් ම තම සිතට ගතයුතු බවද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    එසේම රණ විරු සේවා අධිකාරිය හා එක්ව මෙම සද්ක්‍රියාව කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන කුවේට් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ගාමිණී විජේරත්න මහතාටත් මේ සඳහා දායක වන කුවේට් රටේ සිටින සියලු ම ශ්‍රී ලාංකිකයන්ටත් ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් සිය ගෞරවනීය ස්තූතිය පුද කර සිටින බවද රුවන් විජයවර්ධන මහතා මෙහිදී පවසා සිටියේය.
     
    ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, රණ විරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, කුවේට් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ගාමිණී විජේරත්න මහතා, රණ විරු සේවා අධිකාරියේ උප සභාපතිනිය වන උදුලාංගනී මාලගමුව යන මහත්ම මහත්මීන් එක්වූහ. 
     
    ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නර්තනයන්ගෙන් මෙම උත්සවය විචිත්‍රවත් කරනු ලැබීය.
     
    මෙම අවස්ථාව සඳහා රණ විරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය, කුවේට් - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සාමාජික සාමාජිකාවන් හා ශිෂ්‍යත්වලාභීන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya