ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ඉඩම් ලබාදීමට කලාවරෝද විශේෂ පනත පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 07, 2015

    උතුරේ යුදමය වාතාවරණය යටතේ ඉඩම් අහිමි වු මුල් පදිංචි කරුවන්ගේ ඉඩම් අයිතිය තහවුරු කර දීමට කලාවරෝද විශේෂ විධි විධාන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


    මෙම නව විධි විධාන යටතේ 1993 මැයි මාසයේ 01 දින සිට 2009 වර්ෂයේ මැයි මස 01 දින දක්වා උතුරු නැගෙනහිර පැවති යුදමය වාතාවරණය යටතේ එම ප්‍රදේශවල මුල් පදිංචිය අතහැර ගොස් සිටින ජනතාගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම සඳහා මෙම විශේෂ විධි විධාන පනත ගෙන එන අතර මෙම නව සංශෝධන පනතෙන් මුල් ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය සුරක්ෂිත වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    දැනට පවතින කලාවරෝද පනතේ වසර 10කට නොඅඩු කාලයක් භුක්ති විඳීමෙන් භුක්තියට හිමිවන ඉඩම් අයිතිය මඟින් උතුරු නැගෙනහිර මුල් ඉඩම් හිමිකරුවන්ට සිදුවන අසාධාරණය නිවැරදි කිරීම සඳහා කලාවරෝද විශේෂ විධි විධාන පනත හේතුවෙන් විශේෂ සහනයක් එම ප්‍රදේශවල මුල් පදිංචිකරුවන්ට හිමිවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආගමික සහජීවනය සදහා පත් කර ඇති සර්ව ආගමික සමුළුව නියෝජනය කරන අතිපූජ්‍ය මහානායක හිමිවරුන් ඇතුළු සෙසු ආගමික නායකයින්ද යුද්ධය නිසා අවතැන්වු උතුරු නැගෙනහිර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අයිතිය යලි සුරක්ෂිත කර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ නව රජයෙන් ඉල්ලීම් කර තිබෙන බවද අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya