ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යාධාර ලබාදීමට සිසුන් තෝරා ගැනීම Featured

    අප්‍රේල් 11, 2015
    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියානු රජයේ සහයෝගය ඇති ව ලබා දෙන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2013 වසරේ අ.පො.ස. (සා/පෙළ) විභාගයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ ම සුදුසුකම් ලද පවුලේ වාර්ෂික ආදායම රුපියල් 120,000.00ට වඩා අඩු පවුල්වල සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීමට කටයුතු යොදා ඇත.
     
    ඊට සුදුසුකම් සපුරා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන අයදුම්පත් ඔවුන් විභාගයට ඉදිරිපත් වූ පාසල් වෙත යොමු කර ඇති අතර දෙවන පාසල් වාරය ආරම්භ වූ දින ම අදාළ අයදුම්පත් එම විදුහලින් ලබා ගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2015 අප්‍රේල් 27 දිනට ප්‍රථම අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.
     
    මෙයට අදාළ අයදුම්පත් හා විස්තර පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට (www.moe.gov.lk) ඇතුළත් කර ඇති අතර ඒ මඟින් ද අදාළ විස්තර ලබා ගත හැකිය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya