ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දකුණට වයි ෆයි හා පෝෂණ මල්ල ලැබෙයි

    අප්‍රේල් 13, 2015

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් දකුණු පළාතේ ප්‍රථම වයි ෆයි (WI FI) කලාපය ඇල්පිටිය නගරයෙන් ආරම්හ කිරීම සහ පෝෂණ වැඩපිළිවෙළ යටතේ ගැබිණි මව්වරුන්ට පොෂණ මල්ලක් ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇල්පිටිය නගර නීරීක්ෂන චාරිකාවට සමගාමිව පසුගියදා සිදු කෙරිණි.

    මේ අනුව ගැබිණි මව්වරුන්ට පොෂණ මල්ලක් ලබාදීම ඇල්පිටිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයාල පරිශ්‍රයේදී සිදුවූ අතර වය් ෆයි ලබා දීම ඇල්පිටිය බස් නැවතුම්පොළ භූමියේදී සිදුවිය.

     

    අනතුරුව අගමැතිතුමා ඇතුලු සියලුම දේශපාලන නියොජිතයින් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව මුන ගැසී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ පැවති පසුගිය රජය ජනතාවට හයි ෆයි පෙන්නූ බවත් යහපාලන රජය ජනතාවට වයි ෆයි සහ සහන පිට සහන ලබා දී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවන්නට ක්‍රියා කරන බවත්ය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya