ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අප්‍රේල් 14 සිට ඉන්දියාවේ සංචාරයට ගුවන්තොටු පොළේදීම ශ්‍රී ලාංකිකයන්ට වීසා Featured

    අප්‍රේල් 15, 2015

    ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එරටට ඇතුළු වීමට ගුවන් තොටුපොළ තුළදීම වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඊයේ (14) සිට ආරම්භ කෙරිණි.

     

    ඒ අනුව දිල්ලිය, මුම්බායි, චෙන්නායි, කල්කටා, හයිද්‍රාබාද්, බැංගලෝර්, තිරුවනන්තපුරම්, කොචි සහ ගෝවේ ගුවන් තොටුපලවලින් ඉන්දියාවට ඇතුළු වන ශ්‍රී ලාංකිකයින්ට දින 30කට ඉන්දීය වීසා බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

     

    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීමේ පියවරක් ලෙස ශ්‍රේෂ්ඨ ඉන්දියානු බෞද්ධ නායකයකු වන ආචාර්ය අම්බෙඩ්කාර්ගේ ජන්ම දිනය ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ද වන අප්‍රේල් 14 වැනි දින දී නව වසරට පිරිනමන ත්‍යාගයක් ලෙස මෙම වීසා ක්‍රමය එදින සිට ලාංකීකයන් සඳහා ක්‍රියාත්මක කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී පැවැසීය.

     

    ඒ අනුව ඉන්දියාවට ඇතුළු වන විට එරට වීසා ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි 44 වන රට ශ්‍රී ලංකාව බවට පත් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya