ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දෙහිවල සිංහ පැටවුන් තිදෙනාට බලු මවක්

    අප්‍රේල් 23, 2015
    දෙහිවල ‍ජාතික සත්වෝද්‍යානයේ සකීනා (Sakina)සිංහ දෙන විසින් ඊයේ (22) උදෑසන පැටවුන් තිදෙනකු බිහි කළ මව් දේනුව පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කළ අතර එම පැටවුන් තිදෙනාට කිරි දීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ බැල්ලක මගින් සිදු කෙරෙන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රකාශ කළාය.
     
    ඒ අනුව මේ වන විට එක් පැටවෙකු එම බැල්ලගෙන් කිරි ලබාදීම සඳහා රැගෙන ගොස් ඇති බවත් ඉතිරි පැටවුන් දෙදෙනා ද එම බැල්ල වෙත ගෙන යාමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.
     
    පැටවුන් බිහි කළ සිංහ දේනුව මීට පෙර බිහි කළ පැටවාට ද කිරී දීම ප්‍රතික්ෂේප කොට ඇත.
     
    2013 වර්ෂයේ කොරියාවේ සෝල් ග්‍රෑන්ඩ් පාර්ක් (Seoul grand park zoo) සත්වෝද්‍යානයෙන් තෝර් (Thor) සිංහ පිරිමි සතා රැගෙන එනු ලැබූ අතර ජර්මනියේ තියර් පාර්ක් හේගන් බෙක් සත්වෝද්‍යානයෙන් (Tier park Hagenbeck zoo) සකීනා (sakina) නැමති සිංහ ධේනුව රැගෙන එනු ලැබ ඇති අතර ඔවුන්ට දාව මෙම සිංහ පැටවුන් තිදෙනා ඉපිද ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya