ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සහන සේවා රැගත් තෙවන කණ්ඩායමත් හෙට නේපාලයට Featured

    අප්‍රේල් 28, 2015

    ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සහන සේවා නිලධාරීන් කණ්ඩායමක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් හෙට (29) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් කත්මන්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

     

    භූමි කම්පාව හේතුවෙන් විපතට පත් නේපාල ජනතාව සඳහා සහන ලබා දීමට පළමු සහන කණ්ඩායම පසුගිය 26දා ගුවන් හමුදා යානයකින් නේපාලය බලා පිටත් විය.

     

    යුද හමුදා වෛද්‍ය බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා සංඥා අයත් සෙබලුන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකාවෙන් නේපාලය බලා පිටත්ව ගිය පළමු සහන කණ්ඩායමට අමතර ව ඊයේ දිනයේ ද (27) ගුවන් සහ නාවික හමුදාවල 156 කින් සමන්විත කණ්ඩායමක් සහන සේවා සැලසීම සඳහා පිටත් ව ගොස් ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya