ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ අවතැන්වූවන්ට සහන සැලසීමට එක්වන්න Featured

    අප්‍රේල් 28, 2015

    භූමිකම්පාවෙන් විපතට පත්ව අවතැන්ව සිටින නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමති සංවිධාන හා පුද්ගලයන්ට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, විද්‍යා මාවත, කොළඹ 07 ලිපිනයට ඒවා ගෙනැවිත් බාරදෙන ලෙසට රජය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

    භූමිකම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා කූඩාරම් (කුඩා, මධ්‍යම සහ විශාල), මෙට්ට, පොරෝනා (Blanket), වතුර පිරිසිදු කිරීමේ උපකරණ හා පානීය ජලය, සනීපාරක්‍ෂක කට්ටල හා භාණ්ඩ, එළිමහන් කඳවුරු සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ අවශ්‍ය වී ඇති බව නේපාල රජය විසින් දන්වා ඇත.  

     

    011 213 613 යන දුරකතන අංකයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya