ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අද තවත් සහන කණ්ඩායමක් නේපාලයට Featured

    අප්‍රේල් 29, 2015
    පසුගිය දා නේපාලයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා මේ වන විට යුද හමුදාවට අයත් පිරිස් නේපාලය වෙත ගොස් ඇති අතර අද (29) දිනයේ ද යුද සහ නාවික හමුදාවට අයත් 104පිරිසක් පස්වරු 12.30ට පමණ නේපාලයේ කත්මන්ඩු නුවර බලා පිටත් ව යාමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් ජයනාත් ජයවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
     
    ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් 89ක පිරිසක් සහ යුද හමුදා වෛද්‍යවරු 04දෙනෙකු සහ නාවික හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසු නිලධාරීන් 10දෙනෙකු ද අද දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය.
     
    මෙම සහන කණ්ඩායම සමඟ කිලෝ ග්‍රෑම් 12,500ක ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන් ම මේ වන විට නේපාලයේ සහන කටයුතුවල නියැලි සිටින භට පිරිසක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද රැගෙන යනු ඇත.
     
    මීට අමතර ව සතොස ආයතනය විසින් කිලෝ ග්‍රෑම් 20,000ක වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ද මේ සමඟ නේපාලය වෙත යවනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya