ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක රාජ්‍ය අැමති බ්‍රිතාන්‍යයේ ගැලිපොලි මෙහෙයුමෙහි සියවස් සැමරුමට හා අන්සාක් දින සැමරුමට

    අප්‍රේල් 29, 2015
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පසුගිය දින ලන්ඩන් නුවර පැවති ගැලිපොලි මෙහෙයුමෙහි සියවස් සැමරුම් උත්සවයට සහ අන්සාක් දින 99 වන සැමරුම් දිනයට සහභාගී විය.
    මේ උත්සවය බ්‍රිතාන්‍ය මහ රැජින, බ්‍රිතාන්‍ය රාජකීයයන්, එඩින්බරෝ ආදිපාදවරයා හා කේම්බ්‍රිජිහි ආදිපාදවරයා යන අයවළුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
     
     
    මෙම උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා ගැලිපොලි සංගමයේ සාමාජිකයන්, බ්‍රිතාන්‍ය යුද හමුදා සාමාජිකයන් හා අනෙකුත් යුද හමුදා සංගම්වල සාමාජිකයන් ඇතුළු ව 3000ක් පමණ දෙනා සහභාගී වූ අතර ඉන් අනතුරුව ඒ වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකය අභියස දී මියගිය විරුවන් සැමරීම සඳහා අමුත්තන් විසින් හා සාමාජිකයන් විසින් මල් කළඹ හා මල් වඩම් තැන්පත් කිරීම සිදු කරන ලදී.
     
     
    1915 සිට 1916 වසරේ ජනවාරි 09 දින දක්වා තුර්කියේ දී පැවති ගැලිපොලි මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය, ඉන්දියානු උප මහාද්වීප, ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, අයර්ලන්තය, ප්‍රංශය හා කැනඩාව ඇතුළු රටවල හමුදාවල 550,000ක් පමණ සාමාජිකයන් සහභාගී වූහ.
     
     
    මෙම අවස්ථාව සඳහා මෙම ගැලිපොලි මෙහෙයුම සඳහා දායක වූ රටවල රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා නිලධාරීන් හා මෙම මෙහයුමට සම්බන්ධවූවන්ගෙන් පැවත එන්නන් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya