ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පෞද්ගලික සේවක වැටුප් 1500 කින් වැඩිකරන නීති කෙටුම්පතක්

    මැයි 02, 2015

    පෞද්ගලික අංශයේ සේවකයන්ට 2015 මැයි මස 01 වැනිදා සිට රුපියල් 1500 කින් වැටුප් වැඩි කිරීමට අදාළ නීති කෙටුම්පත් සකස්‌ කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

     

    පෞද්ගලික අංශයට වැටුප් වැඩිකිරීමේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා 2005 අංක 36 දරණ අයවැය සහන දීමනා පනතේ ඇති ක්‍රමවේදයට සමාන නීතියක්‌ ගෙන ඒමේ අරමුණින් මෙමකෙටුම්පත සකස්‌ කෙරේ.


    එම කෙටුම්පතට අනුව පෞද්ගලික අංශයේ සේවක වැටුප් රුපියල් 2500 කින් වැඩි කිරීමේ පළමු පියවර ලෙස ඊයේ සිට සේවකයන්ගේ දැනට පවත්නා වැටුප රුපියල් 1500 කින් වැඩි කරනු ලබන අතර දෛනික වැටුප් ලබන සේවකයන්ගේ වැටුපද රුපියල් 60 කින් වැඩිකෙරේ.


    දෙවන පියවර යටතේ 2016 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන අතර ඒ වන විට ගෙවන වැටුප තවත් රුපියල් දහසකින් වැඩිකෙරේ. දෛනික වැටුප් ලබන සේවක වැටුපද රුපියල් 40 කින් වැඩිකෙරෙනු ඇත.


    පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් දසදහසක්‌ වන අතර අවම දෛනික වැටුප රුපියල් හාරසියයක්‌ වනු ඇත.

    සකස්‌ කරනු ලබන නීති කෙටුම්පතට ඉහත යෝජනා ඇතුළත් කිරීමටනියමිතය. කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා මෙම යෝජනාවටඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya