ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඇමරිකාව සෑම විටම ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සඳහා සහය දෙනවා

    මැයි 02, 2015

    ඇමරිකාව සෑම විටම ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීම සඳහා සහය දෙන බව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ප්‍රකාශ කළේය.

    19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම හා මෙරට සංහිදියාව ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇමරිකාවේ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේය.

     

    ජෝන් කෙරී මහතා අද (02) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවේ දී විශේෂ ප්‍රකාශයක් මේ බව කියා සිටියේය.

     

    මෙරට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නොබියව තීන්දු තීරණ ගැනීම සතුටට කරුණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මානව ආපදාවන්ට මුහුණ දුන් රටක් ලෙස අසල්වැසි රටවල මතුවන ඛේදනීය තත්වයක දී ශ්‍රී ලංකාව පෙරට ඒම ප්‍රශංසනීය බවත් භූමිකම්පාවෙන් විපතට පත් නේපාලය වෙත වහා ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීමේ විශේෂ සිද්ධිය එයට මනා නිදසුනක් බවත් ඔහු අවධාරණය කළේය.

     

    ඉදිරියේ දී එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇමරිකාව සහයෝගයේ දොරටු විවෘත කර ඇති බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

     

    ජෝන් කෙරී මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡාවල නිරත විය.

     

    SDF

     

    kerry3kerry2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya