ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වාද්දූව ‘ලායා බීච්’හි මත්පැන් අලෙවිය පිළිබඳ පොලිස් පරීක්ෂණයක්

    මැයි 06, 2015
    වාද්දුව හමුදා හෝටලය වන ‘ලායා බීච්’හි බලපත්‍ර රහිත ව මත්පැන් අලෙවි කිරිම සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ දැඩි අවධානය යොමුවී ඇති අතර, මේ පිළිබඳ ව වහා යුද්ධ හමුදා පොලිස් පරික්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, මේ වනවිටත් එම පරික්ෂණ කටයුතු සිදුකෙරමින් පවති. 
     
    යුද්ධ හමුදා සේවයේ යෙදී සිටිය දී නීති විරෝධී  ක්‍රියාවන්ට සම්බන්ධවූවන්හට යුද්ධ හමුදා නීතියට අනුව යුද්ධ හමුදා පොලිස් පරීක්ෂණයේ දී වැරදිකරුවන් වුවහොත් කිසිදු ලිහිලක් හෝ සමාවක් නොදක්වා තරාතිරමක් නොබලා දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපතිතුමා අදාළ අංශ වෙත වැඩිදුරටත් නියෝග ලබාදී ඇත. 
     
    යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ අරමුණ ඇති ව ඔවුනට මහඟු ප්‍රතිලාභයන් ගෙන දෙන ලෙස වාද්දුව නිවාඩු නිකේතනය 1991 වසරේ දී ස්ථාපනය කරන ලද අතර, එය මෑතකදී ‘ලායා බීච්’ නමින් ප්‍රතිසංනාමගත වී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya