ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයට සහන සැලසූ යුද හමුදා කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක්

    මැයි 12, 2015
    නේපාලයේ සහන කටයුතුවල නිරත වූ ශ්‍රී ලංකා  ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම ඊයේ (11) ශ්‍රී ලංකාවට යලි පැමිණි අතර, එම පිරිස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. 
     
    ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 14දෙනෙකු, සෙසු නිලයන් 127 දෙනෙකු සහ  වෛද්‍ය නිලධාරීන් 4  දෙනෙකුගෙන් සමන්විත  මෙම සහන කණ්ඩායමේ අණදෙන්නා වශයෙන් මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් සහ දෙවන අණදෙන්නා වශයෙන් බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන ක්‍රියා කරන ලදී.
     
    නේපාලයේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත් වැසියන් සඳහා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත  යුද්ධ හමුදාධිපති  ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් සහනාදාර සැපයීමට යුද හමුදා සාමාජිකයන් 116ක් ද, නාවික හමුදා සෙබලුන් 14 ක් සහ ගුවන් හමුදා සෙබලුන්  11දෙනෙකු නේපාලය වෙත යවනු ලැබූ අතර,  ශ්‍රී ලංකා යුද හමුදා  වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා  ඉංජිනේරු බලකාය,  ශ්‍රී ලංකා යුද හමුදා  සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් එම යුද හමුදා සහන කණ්ඩායමට අයත් වේ. 
     
    මෙම අවස්ථාව සඳහා  නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී  මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ,  වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  මේජර් ජනරාල්  සංජීව මුණසිංහ,  යුද සේවා ලේකම් මේජර් ජනරාල් මහේෂ් සේනානායක, යුද හමුදා වෛද්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  මේජර් ජනරාල් සජීව මුණසිංහ, ප්‍රධාන  ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී  මේජර් ජනරාල් එල්.එන්  වික්‍රමසූරිය, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජනරාල් බී.ඒ පෙරේරා,  ගමන් පරිපාලන අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර් එන්. මුදන්නායක, අධ්‍යක්ෂ මෙහෙයුම්  බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සමඟ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya