ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහාභාරකාර තනතුරට ප්‍රථම වරට කාන්තාවක්

    මැයි 12, 2015
    ශ්‍රී ලංකාවේ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ප්‍රථමවරට මහාභාරකාරවරිය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මිය පත්කර තිබේ. වසර 1922 ආරම්භ කර ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මෙම තනතුරට පත් වූ ප්‍රථම කාන්තාව ඇය වේ.
     
    කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන නීතිඥ දිසානායක මහත්මිය දෙ දරු මවකි. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් වශයෙන් 1983දී දිවුරුම් දුන් ඇය ජනාධිපති නීතිඥ ජේ. ඩබ්ලිව් සුභසිංහ සහ රාජනීතිඥ එච්.ඩබ්ලිව් ජයවර්ධන යන මහත්වරුන්ගේ කණිටු නීතිඥවරිය ලෙස 1991 දක්වා ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නීතිඥවරියක් ලෙස ද කටයුතු කළාය. දිසානායක මහත්මිය නියෝජ්‍ය මහාභාරකාර ධූරයට 2008දී පත් විය.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාභාරකාරවරිය වශයෙන් නීතිඥ දිසානායක මහත්මිය හෙට (13) දා පෙරවරුවේ දී එම දෙපාර්තමේන්තුවේ දී  වැඩ භාරගැනීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya