ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නේපාලයේ භූමිකම්පාවෙන් 82දෙනකු ජීවිතක්ෂයට Featured

    මැයි 13, 2015

    නේපාලයේ ඊයේ (12) හටගත් රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවෙන් අවම වශයෙන් 65දෙනකු නේපාලයේ මිය ගොස් ඇතැයි නේපාල රජය අද (13) පැවසූ බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

     

    මෙම විපතින් තුවාල ලත් පුද්ගලයන් සංඛ්‍යාව දැන් 1,926ක් පමණ වන බව නේපාලයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මි ප්‍රසාද් දකාල් මහතා පැවසීය.

     

    ඊයේ මධ්‍යහ්නයේ සිදුවූ භූමි කම්පාව ඇෆ්ගනිස්‌ථානයට, ඉන්දියාවට, බංග්ලාදේශයට මෙන්ම චීනයටද දැනිණි. මෙම භූමිකම්පාවේ බලපෑමෙන් ඉන්දියාවේ  17දෙනෙක්‌ද මියගොස්‌ ඇත.

     

    පළමු භූමි කම්පනයෙන් පසු රික්‌ටර් මාපකයේ 6.3, 5.6 ක්‌ හා 5.2 ක්‌ සටහන් වූ තවත් භූමි කම්පා තුනක්‌ද සිදුව ඇත.

     

    නේපාලයේ සිදුවූ භූකම්පනයෙන් කත්මන්ඩු අගනුවර  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට සුළු අලාභහානි වී ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි. එහි සියලු නිලධාරීන් නිරුපද්‍රිතව සිටින බව ද එම ආරංචි සඳහන් කරයි.

     

    නේපාලයේ 8,000 කට අධික පිරිසක් ජීවතක්ෂයට පත් කළ විනාශකාරී භූමිකම්පාවෙන් විනාශ නොවී ඉතිරි වී තිබූ සමහර ගොඩනැඟිලිද ඊයේ භුමිකම්පාවෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි.

     

    SDF

    nepal-earthquake-map-2-exlarge-169

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya