ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසල් හා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ජනමාධ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීමට කටයුතු කළ යුතුයි

    මැයි 13, 2015
    ජනමාධ්‍ය අධ්‍යාපනයේදී මේ රටේ ජනමාධ්‍ය අයාලේ යන තත්ත්වයක් දැකිය හැක්කේ ප්‍රමිතියෙන් යුතු රෙගුලාසි නැති නිසා බවත් පාසල් හා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ජනමාධ්‍ය අධ්‍යාපනය විධිමත් කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන් කටයුතු කළ යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
     
    ලේකම්වරයා මේ බව පැවසුවේ අද (13) කොළඹ පදනම් ආයතනයේ පැවති ජනමාධ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාතික සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මෙම සමුළුව අද (13) හා හෙට (14) දිනයන් හි කොළඹදී පැවැත්වෙනු ඇත.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, නූතන ජනසන්නිවේදනය නිසා කෙටි කාලයක් ඇතුළත සියලු දෙනා එකට එකතුවෙලා. නමුත් අපේ රටේ ජනමාධ්‍ය සතුටුදායක මට්ටමක තිබේද? රාජ්‍ය මාධ්‍ය තිබිය යුතුද? යන්න ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන අපේ සමාජයට විචාරවත් අදහසක් තිබේද? රාජ්‍ය මාධ්‍ය තිබෙන ආණ්ඩුවේ හොරණෑවක් ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ජනමාධ්‍ය සඳහා ප්‍රතිපත්තියක් අවශ්‍යද යන්න ගැටලුවක්. අප පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍යයන් හි හැසිරීම දැක්කා. ජකමාධ්‍ය ජනතාව සඳහාද? ජනමාධ්‍ය බෙදාහැරීම ලාබය සඳහා ද යන්න අප සාකච්ඡා කළ යුතුයි. 
     
    ජනමාධ්‍යයන් වැඩ කළ යුත්තේ නීතියක් හෝ ආචාරධර්ම යටතේ ද යන්න අප සෙවිය යුතුයි. ජනමාධ්‍යකරුවන්ට ඇතැම් අවස්ථාවල මාධ්‍ය සඳහා ම නොව ආචාරධර්ම සඳහා ද නතුවිය යුතුයි. දැනට ලංකාවේ සිටින්නේ කුඩා ග්‍රාහක පිරිසක්. වැඩි මාධ්‍ය සංඛ්‍යාවක් ඇති නිසා වෙළෙඳපොළ අල්ලා ගන්න මාධ්‍යකරුවන් කටයුතු කරමින් සිටී. සම්ප්‍රදායික මාධ්‍ය, නව මාධ්‍ය එක් වී සමාජය ම ජනමාධ්‍ය බවට පත්වන විට මාධ්‍ය කළමනාකරණය අවශ්‍ය බව සාකච්ඡා කළ යුතුයි. 
     
    ජනමාධ්‍ය ප්‍රශ්න සමුදායක් සමඟ අපට ඉදිරියට යන්න සිදු ව ඇත. දීන යටත් වැසියන් සිටින රාජ්‍යයක් ද සක්‍රීය පුරවැසියන් සිටින ජනරජයක් හදාගන්නවා ද යන්න අප සාකච්ඡා කළ යුතුයි. ජාතීන් අතර සහයෝගිතාව, සමානාත්මතාව ඇති පුරවැසියන් සිටින රාජ්‍යයක් බිහිකරන්න නම් ජනමාධ්‍ය හැසිරීම ගැන සාකච්ඡා කළ යුතුයි. මාධ්‍ය නියාමනය හා තාක්ෂණ නියාමනය කරන්නේ කොහොමද යන ප්‍රශ්නය අප ඉදිරියේ පවතී. ජනමාධ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය දියුණු කරන්නේ කොහොමද? ජනමාධ්‍ය අතර ඇති අනවශ්‍ය පන්තිභේදය නැති කර ගන්නේ කෙසේද? යන්න අප සැලකිය යුතුයි. මේ ප්‍රශ්නවලට අදාළ වැඩපිළිවෙළකට මේ සමුළුවෙන් පසු මුල පුරන බවත් මේ රටට ජනමාධ්‍ය වෙනුවෙන් ජනතා කොමිසමක් අවශ්‍ය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya