ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා පත් කෙරේ

    මැයි 15, 2015
    ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා පසුගිය 07දා සිට බලපැවැත්වෙන ලෙස පත් කර තිබේ.
     
    අවුරුදු 35කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් 46 වෙනියාය.
     
    1980 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වූ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා 1982 වර්ෂයේදී පළමු වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 2 වන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත් කරනු ලැබීය. අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ විය.
     
    මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිදු කරන ලද සේවය ‍වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර ඒ මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධාරියෙකි.
     
    මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරමින් සිටි ජගත් ඩයස් මහතාට පෙර මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාය. මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya