ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නයිජීරියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ කණ්ඩායමක් යුද හමුදාපතිතුමා හමුවේ

    මැයි 17, 2015
    නයිජීරියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ කොමදෝරු චුක්වා ජොඑල් චයිජිල් මහතා ඇතුළු සාමජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සතියක පමණ කාලයක දීර්ඝ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර එම දූත පිරිස පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මුණ ගැසුණි.  
     
    යුද හමුදා මූලස්ථානයට පැමිණි එම දූත පිරිස අධ්‍යක්ෂ පුහුණු  බ්‍රිගේඩියර් කේ.පී.ඒ. ජයසේකර මහතා විසින් පිළිගන්නා ලදී.  
     
    කොමදෝරු චුක්වා ජොඑල් චයිජිල්ගේ නායකත්වයෙන් යුත් මෙම දූත පිරිස  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මුණගැසී දෙරටේ ආරක්ෂක කරුණු පිළිබඳ ව සාකච්ඡා කළ අතර අධ්‍යක්ෂ පුහුණු  බ්‍රිගේඩියර්  කේ.පී.ඒ. ජයසේකර මහතා විසින් යුද හමුදාවේ පුහුණු කටයුතු පිළිබඳ ව තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
     
    මෙම අවස්ථාව සිහිගන්වමින් යුද හමුදාපතිතුමා සහ එම පිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
     
    එම දූත පිරිස විධායක ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා විසින් යුද හමුදා මූලස්ථානයේ දී පිළිගත් අතර මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ. ධර්මරත්න, අධ්‍යක්ෂ පාබල බ්‍රිගේඩියර් ඩි.සී. කැප්පෙටිවලාන, අධ්‍යක්ෂ සැලසුම් බ්‍රිගේඩියර් බී.වි.ඩී.පී. අබේනායක, අධ්‍යක්ෂ ක්‍රියාන්විත බ්‍රිගේඩියර් එච්.එම්.ජේ.කේ. ගුණරත්න සහ  අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් කේ.ජේ. ජයවීර යන මහත්වරු ද එක්ව සිටියහ.
     
    ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ දී මෙම දූත පිරිස, ශ්‍රී ලංකා මහ බැංකුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මෙන්ම තවත් ස්ථාන කිහිපයක් ද නැරඹිමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya