මෙහිදී නාවික හමුදා කාර්යය මණ්ඩල ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් මෙම කණ්ඩායම නාවික හමුදාපතිවරයා වෙනුවෙන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.
මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැති අතර මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු විය.
මෙම කණ්ඩායම නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්වීමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ ව ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීමකට ද සහභාගි වූහ.
DB